ආබාධ සහිත වූවන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය
දසවැනි පාර්ලිමේන්තුව සඳහා වූ ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් ද ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතාගේ සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම් මහතාගේ නියෝජ්‍ය සම සභාපතිත්වයෙන් ද යුතුව 2025 මාර්තු 11 දින ස්ථාපිත කරන ලදී.
ආබාධිත ප්‍රජාවගේ ගැටලු / අපේක්ෂාවන් / යෝජනාවන් හඳුනා ගනිමින් ඒ සඳහා විසඳුම් ලබා දීමෙන් ඔවුන්ට නිර්බාධිත සමාජ ජීවිතයක් උරුම කර දීම ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ අභිලාෂය වේ.
