විපක්ෂ නායක

ගරු සජිත් ප්‍රේමදාස මහතා (පා.ම.)

ගරු සජිත් ප්‍රේමදාස මහතා (පා.ම.)

විපක්ෂ නායක

ගරු සජිත් ප්‍රේමදාස මහතා, විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක ලෙස කටයුතු කරන අතර, ආර්ථික ප්‍රතිසංස්කරණ සහ සමාජ යුක්තිය වෙනුවෙන් කැපවූ ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකි. කොළඹ රාජකීය විද්‍යාලයේ සහ ලන්ඩන් ආර්ථික විද්‍යා පාසලේ ඉගෙනුම ලැබූ ඔහු, 2000 සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස සේවය කර ඇති අතර, නිවාස,ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස ප්‍රධාන තනතුරු හෙබවීය.

ගරු සජිත් ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වර්තමාන විපක්ෂ නායකවරයා සහ විපක්ෂයේ ප්‍රධාන පක්ෂයක් වන සමගි ජන බලවේගයේ නායකයා වේ.

සජිත් ප්‍රේමදාසයන්ගේ අධ්‍යාපන ගමන ආරම්භ වූයේ ශාන්ත තෝමස් ප්‍රාථමික විද්‍යාලයෙන් සහ කොළඹ රාජකීය විද්‍යාලයෙනි. ඉන්පසු ඔහු ලන්ඩනයේ මිල් හිල් පාසලේදී සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සඳහා ඉගෙනුම් කටයුතු කළේය. එහිදී ඔහු අධ්‍යාපනික වශයෙන් සහ විෂය බාහිර ක්‍රියාකාරකම්වලදීද විශිෂ්ටත්වයක් පෙන්වූ අතර, උසස් පෙළ දේශපාලනය සහ ව්‍යාපාර අධ්‍යයනය සඳහා වූ ත්‍යාගය ලබා ගැනීම, ප්‍රධාන ශිෂ්‍ය නායක ලෙස කටයුතු කිරීම සහ First XI ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරීම ඇතුළු කාර්ය සාධනයන් ප්‍රකට කරන ලදි.

ඔහු ලන්ඩන් ආර්ථික විද්‍යා විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව සහ ජාත්‍යන්තර සබඳතා විෂයයන් විශේෂ විෂයයන් ලෙස හදාරමින් සිය උපාධිය සම්පූර්ණ කළේය. උපාධිය ලබාගැනීමෙන් අනතුරුව, ඔහු මේරිලන්ඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාපති උපාධිය හදාරමින් සිටියදී, සෙනෙට් සභික ලැරි ප්‍රෙස්ලර් යටතේ විදේශ සබඳතා කමිටුව සමඟද කටයුතු කරමින් එක්සත් ජනපද සෙනෙට් සභාවේ සීමාවාසිකව සේවය කළේය. කෙසේ වෙතත්, 1993 වසරේදී සිය පියා ඛේදජනක ලෙස ඝාතනය වීමෙන් අනතුරුව ඔහුට ශ්‍රී ලංකාවට ආපසු පැමිණීමට සිදු විය.

1994 වසරේදී සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ (එ.ජා.ප.) හම්බන්තොට දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් සංවිධායකවරයා ලෙස සිය දේශපාලන ජීවිතයට පියවර තැබුවේය. හම්බන්තොට දිස්ත්‍රික්කයේ දරිද්‍රතාවය සමනය කිරීම සඳහා 'ජනසුවය' ව්‍යාපෘතිය දියත් කරමින්, බිම් මට්ටමේ සංවර්ධන කටයුතු සඳහා වූ සිය කැපවීම හේ ප්‍රකට කළේය. ඔහුගේ උත්සාහයන් 2000 පාර්ලිමේන්තු මැතිවරණයේදී මල්ඵල ගත් අතර, ඔහු දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාවක් සහ රට තුළ වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්විය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස සජිත් ප්‍රේමදාස මහතා නායකත්ව තනතුරු හරහා වේගවත් ඉදිරි ගමනක නියැළිණි. එ.ජා.ප.ය වසරකට පසුව බලයට පත්වූ අතර, ඔහු සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කරන ලදී. අඛණ්ඩව පැවති මහ මැතිවරණ හතරකදී එ.ජා.ප. අපේක්ෂකයින් අතර වැඩිම මනාප ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීම හරහා ඔහුගේ ජනප්‍රියත්වය සහ ඵලදායිත්වයද පැහැදිලි විය. ඔහුගේ ජන හිතකාමී ප්‍රවේශය පිළිගැනීමක් වශයෙන්, 2011 වසරේ ඔහු එ.ජා.ප.යේ නියෝජ්‍ය නායක තනතුරට උසස් කරන ලදී.

2015 වසරේ සජිත් ප්‍රේමදාස මහතා නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස පත් කරන ලදී. මෙම භූමිකාව තුළ ඔහු විසින් අඩු ආදායම්ලාභී ජනතාවගේ නිවාස සහ ජීවන තත්ත්වය වැඩි දියුණු කිරීමට අනේකවිධ මුළපිරීම් ක්‍රියාත්මක කරන ලද අතර, ඒ හරහා කැප වීමෙන් කටයුතු කරන රාජ්‍ය සේවකයෙකු ලෙස වූ ඔහුගේ කීර්තිනාමය තවදුරටත් තහවුරු විය. නායකත්වය සහ රාජ්‍ය සේවය උදෙසා වූ කැපවීම හරහා එතුමා හට ඉමහත් ගෞරවයක් සහ පිළිගැනීමක්ද ලැබී ඇත.

විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කරමින් සජිත් ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකාවේ සමාජ සාධාරණත්වය, ආර්ථික සංවර්ධනය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය වෙනුවෙන් නොකඩවා පෙනී සිටියි. ජනතාවගේ සුභ සාධනය උදෙසා වූ නොසැලෙන කැප වීම සහ සමෘද්ධිමත් සහ අන්තර්ග්‍රාහී ජාතියක් සඳහා වූ දැක්ම නොකඩවා ඔහුගේ දේශපාලන ජීවිතයේ ඉදිරි පෙළ සාධක ලෙස පවතී.

හිටපු විපක්ෂ නායකයන්

හිටපු ලේකම්වරු

  • තිසත් ඩී.බී. විජේගුණවර්ධන මහතාතිසත් ඩී.බී. විජේගුණවර්ධන මහතා2022 – 2024
  • එච්.එස්. රවී ජයවර්ධන මහතාඑච්.එස්. රවී ජයවර්ධන මහතා2020 – 2022
  • නවුෆල් අබ්දුල් රහ්මාන් මහතානවුෆල් අබ්දුල් රහ්මාන් මහතා2019 – 2020
  • කේ.පී. හර්ෂ විජේවර්ධන මහතාකේ.පී. හර්ෂ විජේවර්ධන මහතා2019 – 2019
  • එස්.ඒ.ඩී.එස්. සුබසිංහ මහත්මියඑස්.ඒ.ඩී.එස්. සුබසිංහ මහත්මිය2015 – 2019
  • අනුරාධ විජේකෝන් මහතාඅනුරාධ විජේකෝන් මහතා2015 – 2015
  • නවුෆල් අබ්දුල් රහ්මාන් මහතානවුෆල් අබ්දුල් රහ්මාන් මහතා2004 – 2015
  • ජී.එල්ඩ.බ්ලිව්. සමරසිංහ මහතාජී.එල්ඩ.බ්ලිව්. සමරසිංහ මහතා2002 – 2004
  • අසෝක ගණනාථ අතුරුගිරිය මහතාඅසෝක ගණනාථ අතුරුගිරිය මහතා2001 – 2002
  • නවුෆල් අබ්දුල් රහ්මාන් මහතානවුෆල් අබ්දුල් රහ්මාන් මහතා1994 – 2001
  • පාලිත පැල්පොල මහතාපාලිත පැල්පොල මහතා1994 – 1994
  • වී.සී.බී උනන්තැන්න මහතාවී.සී.බී උනන්තැන්න මහතා1993 – 1994