රජයේ මුදල් පිළිබඳ කාරක සභාව

මතු සඳහන් දේ පරීක්ෂා කරනු ලැබීම රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ කර්තව්‍යය විය යුත්තේ ය:—

      (අ)     ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 ව්‍යවස්ථාව යටතේ ආදායම් එකතු කිරීම;

      (ආ)   ඒකාබද්ධ අරමුදලෙන් කරනු ලබන ගෙවීම්;

      (ඇ)    නීතිය මගින් යම් විශේෂ කාර්ය සඳහා මහජන අරමුදල් භාවිතා කිරීම;

      (ඈ)    රජයේ අරමුදල් යෙදවීම;

      (ඉ)     පවත්නා වර්ෂය සඳහා විසර්ජන පනතේ අඩංගු විසර්ජනවල ආර්ථික අවපාත, විසර්ජන මාරු කිරීම සහ අනපේක්ෂිත ශේෂය;

      (ඊ)     පවත්නා වර්ෂය සඳහා විසර්ජන පනත ක්‍රියාත්මක කිරීම;

      (උ)    රාජ්‍ය ණය සහ ණය සේවා;

      (ඌ)   2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ (වගකීම) පනත යටතේ  වාර්තා සහ ප්‍රකාශන; සහ

      (එ)     ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 152 ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පත්,   යෝජනා, යෝජනා සම්මතයන් සහ නියෝග.

කමිටු සාමාජිකයින්

  • ගරු හර්ෂ ද සිල්වාගරු හර්ෂ ද සිල්වා
  • ගරු නීතිඥ රවුෆ් හකීම්ගරු නීතිඥ රවුෆ් හකීම්
  • ගරු රවී කරුණානායකගරු රවී කරුණානායක
  • ගරු හර්ෂණ රාජකරුණාගරු හර්ෂණ රාජකරුණා
  • ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්
  • ගරු නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දුගරු නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු