
අයවැය යෝජනා විමසුම සහ සන්සන්දනය
සෑම රජයේ අයවැයක්ම පොරොන්දු සමූහයකි. එම පොරොන්දු ප්‍රකාර කටයුතු කෙරෙන්නේද යන්න දැන ගැනීමට පුරවැසියන්ට අයිතියක් ඇති අතර එය විමසා බැලීම පාර්ලිමේන්තුවේ වගකීමකි. විපක්ෂ නායක කාර්යාලය විසින් වසර පුරා අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම විමසා බැලීමේ ක්‍රමානුකූල ක්‍රියාවලියක් ස්ථාපිත කරනු ලැබ ඇත. අපගේ ආංශික අධීක්ෂණ කාරක සභා ජාලය හරහා අපි එක් එක් යෝජනාව පරීක්ෂා කරමින් එහි ප්‍රගතිය නිරීක්ෂණය කරමින් අදාළ සොයාගැනීම් විධිමත් සමාලෝචන වාර්තාවක් ලෙසින් සම්පාදනය කරන්නෙමු. මෙම වාර්තාව ඊළඟ අයවැය විවාදයට පෙර ප්‍රකාශයට පත් කරනු ලබන අතර, එමගින් පාර්ලිමේන්තුවට සහ මහජනතාවට අදාළ කැපවීම් හා සන්සන්දනාත්මකව ඒවා ක්‍රියාත්මක කිරීම් පිළිබඳ පැහැදිලි, සාක්ෂි මත පදනම් වූ විස්තරයක් ලබා දෙනු ලබයි. 2025 අයවැය සමාලෝචනය සාර්ථකව සම්පූර්ණ කර ඇත. යෝජනා 62ක් ආවරණය කරන්නාවු 2026 අයවැය පිළිබඳ අපගේ සමාලෝචනය සම්බන්ධ කටයුතු මේවන විට සිදු කෙරෙමින් පවතින අතර, 2026 අයවැය විවාදය ආරම්භ වීමට පෙර වාර්තාව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත. පාර්ලිමේන්තු විමර්ශනය රජයට නොසලකා හැරිය නොහැකි ලේඛනගත, මහජන වාර්තාවක් බවට පරිවර්තනය කිරීම සිදු කෙරෙන මෙම ව්‍යාපෘතිය වූකලි කාර්යාලයේ අධීක්ෂණ වරම ආශ්‍රිත වඩාත්ම සෘජු ප්‍රකාශනවලින් එකකි.
