සභාගර්භ ප්‍රවේශය හෙවත් චේම්බර් ලොගය

ongoingසභාගර්භ ප්‍රවේශය හෙවත් චේම්බර් ලොගය

සභාගර්භ ප්‍රවේශය හෙවත් චේම්බර් ලොගය — පාර්ලිමේන්තු කටයුතු විමසුම් පද්ධතිය

ඵලදායී විපක්ෂයක් විසින් සභා ගර්භය තුළ රැඳී සිටීමෙන් ඔබ්බට විහිදෙන කාර්ය භාරයක් ඉටුකළ යුතුව පවතී. සෑම විපක්ෂ මන්ත්‍රීවරයකුම විවාද, ප්‍රශ්න සහ කමිටු කටයුතුවලට කවරාකාරයෙන් දායක වන්නේද යන්න පිළිබඳ පැහැදිලි, ස්ථාවර වාර්තාවක් එ් සඳහා අවශ්‍ය වේ. එවැන්නකින් තොරව, කාර්ය සාධනය මැනීම, හිදැස් හඳුනාගැනීම හෝ වඩා හොඳින් කටයුතු කිරීම සඳහා මන්ත්‍රීවරුන්ට සහාය වීම දුෂ්කර කර්තව්‍යයක් වේ. Chamber Log යනු සියලුම විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු ක්‍රියාකාරකම් වාර්තා කරන, එ් ඔස්සේ හඹා යන සහ විශ්ලේෂණය කරන අභ්‍යන්තරිකව සංවර්ධිත මෘදුකාංග පද්ධතියකි. එමගින් සභා ගර්භය තුළ දක්වන දායකත්වයන්, කමිටු සහභාගීත්වයන් සහ කාර්ය නියුක්තිය පිළිබඳ වාර්තා ආවරණය කෙරේ. පද්ධතිය මේවන විට කෘත්‍රිම බුද්ධි හැකියාවන් ඒකාබද්ධ කිරීම සඳහාද සංවර්ධනය කෙරෙමින් පවත්නා අතර, එ් හරහා මන්ත්‍රීවරුන් සහ සහාය-කාර්යාල කාර්ය මණ්ඩලය සඳහා සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය වූ සජීවී විශ්ලේෂණයක් සක්‍රීය කරමින්, මාධ්‍ය වෙතද ප්‍රතිදාන ලබා ගත හැකි වේ. මෙම මෙවලම විසින් විපක්ෂ මන්ත්‍රීවරුන් සම්බන්ධීකරණය කිරීමට, ආණ්ඩු පක්ෂය මත වගවීම සඳහා යොදනු ලබන බලපෑම උපරිම කිරීමට සහ විපක්ෂයේ පාර්ලිමේන්තු කටයුතු විනිවිද පෙනෙන, මැනිය හැකි සහ වැඩිදියුණු වෙමින් පවතින්නක් වන බවට සහතික කිරීම උදෙසා වූ කාර්යාලයේ ශක්‍යතාව සෘජුවම ශක්තිමත් කෙරේ. 2026 මැයි මාසයේ සිට එය ක්‍රියාවේ යෙදවීමට අපේක්ෂා කෙරේ.