වාහන සංචිත කළමනාකරණ පද්ධතිය

ongoingවාහන සංචිත කළමනාකරණ පද්ධතිය

වාහන සංචිත කළමනාකරණ පද්ධතිය

රාජ්‍ය සම්පත් වගකීමෙන් යුතුව කළමනාකරණය වූකලි ආයතනික අඛණ්ඩතාවය/ අවංකභාවය පිළිබඳ පරීක්ෂණයකි. විපක්ෂ නායක කාර්යාලය වෙත පවරා දී ඇති වාහන රාජ්‍ය වත්කම් වන අතර, ඒවා භාවිතා කරන ආකාරය හරහා කාර්යාලය විසින් ප්‍රවර්ධනය කරනු ලබන විනිවිදභාවය සහ කාර්යක්ෂමතාවය නමැති වටිනාකම් පිළිබිඹු විය යුතුය. අපගේ අභ්‍යන්තරව සංවර්ධිත වාහන සංචිත කළමනාකරණ පද්ධතිය සියලුම කාර්යාලයීය වාහන තත්‍ය කාලීනව විමසා බලමින් සිදු කරන අධීක්ෂණය සක්‍රීය කරන්නක් වේ. එය කාලසටහන්ගතකරණය සහ සේවයේ යෙදවීමේ සිට නඩත්තු සහ අළුත්වැඩියාවන් පිළිබඳ වාර්තා දක්වා විහිදෙන සංචිත වාහනවලට අදාළ කාර්යයන්හි සම්පූර්ණ පරාසය ආවරණය කරයි. එහිලා සෑම චලනයක්ම/ගමනාගමනයක්ම සටහන් කෙරෙමින්, සෑම පිරිවැයක්ම සොයා බැලිය හැකි තත්ත්වයක් නිර්මාණය කරමින් සෑම වාහනයක්ම ගණන් බැලීමට ලක් කෙරේ. මෙය සෘජු නමුත් වැදගත් කැපවීමකි: එනම්, රජයෙන් වගවීමක් ඉල්ලා සිටින විපක්ෂ කාර්යාලයක් එය තමන්ගේම මෙහෙයුම්වල සෑම අංශයකින්ම අභ්‍යාස කළ යුතුය යන්නයි.