
ස්ත්‍රී-පුරුෂ සමාජභාවය පිළිබඳ සංවේදීතා මුලපිරීම
ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාවය යනු හුදෙකලා ගැටළුවක් නොවේ. නීති සම්පාදනය සහ අයවැයකරණය යන විෂයයන්හි සිට රාජ්‍ය සේවා සහ ආයතනික සංස්කෘතිය දක්වා එය පාලනයේ සෑම ක්ෂේත්‍රයක් හරහාම විහිදී යන්නක් වේ. අර්ථවත් අධීක්ෂණය තුළට නව නීති, ප්‍රතිපත්ති සහ රෙගුලාසි මගින් ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාවය ප්‍රමාණවත් ලෙස ආරක්ෂා කරමින් ප්‍රවර්ධනය කරන්නේද යන කරුණ විමර්ශනයද ඇතුළත් විය යුතුය යන්න විපක්ෂ නායක කාර්යාලයේ පිළිගැනීම වේ. ස්ත්‍රී-පුරුෂ සමාජභාව මානයන් නොසලකා හරින හෝ ප්‍රමාණවත් ලෙස ආමන්ත්‍රණය නොකරන අවස්ථාවන් පරීක්ෂාවට ලක් කරමින්, අපගේ පර්යේෂණ අංශය විසින් යෝජිත නීති සහ රජයේ රෙගුලාසි ආශ්‍රිතව ස්ත්‍රී-පුරුෂ සමාජභාව සංවේදීතා විශ්ලේෂණයන් සිදු කරනු ලබයි. පරිපාලනය සහ කාර්ය මණ්ඩල තෝරා ගැනීමේදී කාර්යාලය තුළද, ස්ත්‍රී-පුරුෂ සමාජභාව සංවේදී පිළිවෙත් ක්‍රියාත්මක කරනු ලැබේ. මෙම මුලපිරීම මගින් ආන්තිකකරණයට ලක්වූවන්ගේ හඬ ඉස්මතු කරමින් පාර්ලිමේන්තු ක්‍රියාවලීන්හිදී සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම උදෙසා කාර්යාලයේ කැපවීමට සෘජු සහායක් දක්වනු ලබයි. ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාවය වූකලි හුදෙක් කතාවට සීමාවූ කරුණක් නොව, විපක්ෂය විසින් එහි කටයුතුවලදී නිරන්තරයෙන් ක්‍රියාත්මක කරනු ලබන මිනුම්ගත ප්‍රමිතියක් වන බවට එමගින් සහතික කරනු ලබයි.
