ජාත්‍යන්තර දින සම්බන්ධීකරණය

ongoingජාත්‍යන්තර දින සම්බන්ධීකරණය

ජාත්‍යන්තර දින සම්බන්ධීකරණය

ලිත් වර්ෂය පුරා එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ගෝලීය ප්‍රජාව විසින් සමාජ යුක්තිය, මාධ්‍ය නිදහස, අධ්‍යාපනය, සෞඛ්‍යය සහ වෙනත් අංශයන් ඔස්සේද මානව වර්ගයා මුහුණ දෙන වඩාත් ඉහළින් ඉස්මතුවන ගැටළු වෙත අවධානය යොමු කිරීම සඳහා විශේෂිත දින නම් කරනු ලබයි. මෙම දින හුදු සංකේතාත්මක අභිනයන් නොවේ. ඒවා ගෝලීය සංවාද ජාතික වගවීම සමඟ සම්බන්ධ කිරීමේ ව්‍යුහගත අවස්ථාවන් වේ. විපක්ෂ නායක කාර්යාලය අපගේ පාර්ලිමේන්තු මෙහෙවර සමඟ පෙළගැසෙන්නාවූ ජාත්‍යන්තරව පිළිගත් දින ආශ්‍රිත වැඩසටහනක් හඳුනාගෙන ඇත. එ් එක එකක් සඳහා අපි පාර්ලිමේන්තු මෙන්ම ප්‍රකාශන, සමාජ මාධ්‍ය, උත්සව සහ සෘජු මහජන සන්නිවේදනය ඈ පාර්ලිමේන්තු නොවන ක්‍රම යන දෙ අංශයෙන්ම සම්බන්ධ වන්නෙමු. 2026 ජනවාරි මාසයේදී, පිවිසුම් හැකියාව වැඩිදියුණු කිරීම සඳහා අපි අපගේ ප්‍රකාශන වෙත කෘත්‍රිම බුද්ධිය මගින් බලගන්වන ලද ශ්‍රවණ සහාය හඳුන්වා දුන්නෙමු. 2026 පෙබරවාරි මාසයේදී ලෝක සමාජ යුක්තිය පිළිබඳ දිනය සමඟ පෙළගැසුණු පොඩ්කාස්ට් සාකච්ඡාවක් සංවිධානය කළෙමු. වසර පුරා මාසික සම්බන්ධීකරණයන් සැලසුම් කර ඇත. ඵලදායී ප්‍රජාතන්ත්‍රවාදී අධීක්ෂණයට අත්‍යවශ්‍ය පුළුල් සිවිල් සමාජ සහ මහජන සම්බන්ධතා ගොඩනගමින් මෙම මුලපිරීම මගින් සභා ගර්භයෙන් ඔබ්බට විපක්ෂයේ ප්‍රවේශය පුළුල් කරනු ලබයි.