
පරිසරය ආරක්ෂා කිරීම
ශ්‍රී ලංකාවේ පාරිසරික අභියෝග යනු පාලන අභියෝගද වේ. වන විනාශය, පරිසර දූෂණය, වෙරළ ඛාදනය සහ දේශගුණික අවදානම් ඈ සියල්ල ප්‍රතිපත්ති තීරණ සහිත බව හෝ රහිත බව පිළිබිඹු කරන සාධක වේ. පරිiරය ආරක්ෂා කිරීම යනු පාර්ලිමේන්තු විවාදයන්හි ස්ථාවර සහ සැලකිය යුතු අංශයක් ලෙස සම්පාදනය කිරීමට විපක්ෂ නායක කාර්යාලය කැපවී සිටී. සභා ගර්භය තුළ අවස්ථාවක් එළැඹෙන සෑම විටම, අපගේ ස්වභාවික පරිසරයට තර්ජනයක් වන පාලන අසාර්ථකතා පිළිබඳ දැනුවත්භාවය ඉස්මතු කරමින් අපගේ කාර්යාලය ශක්තිමත් පාරිසරික ප්‍රතිපත්ති සඳහා පෙනී සිටී. මෙම කැපවීම ප්‍රදර්ශනය කරන සන්ධිස්ථානික ක්‍රියාකාරකම් සැලසුම් කරමින් අපගේ පරිපාලනය තුළ අපි පාරිසරිකව වගකිව යුතු පිළිවෙත් ක්‍රියාත්මක කරමින් සිටින්නෙමු. ප්‍රතිචාර දැක්වීම සඳහා පාරිසරික අර්බුද ඉස්මතු වන තෙක් බලා නොසිට, හානිය ආපසු හැරවිය නොහැකි තත්ත්වයකට පත්වීමට පෙර පූර්ව අනතුරු ඇඟවීම් සිදු කරමින් නිර්මාණාත්මක විසඳුම් යෝජනා කරන්නාවූ ක්‍රියාශීලී අධීක්ෂණ ආයතනයක් ලෙස කාර්යාලයට අදාළ කාර්යභාරය මෙම ව්‍යාපෘතිය හරහා පිළිබිඹු වේ.
