මහජන සම්බන්ධතා දිනපොත

ongoingමහජන සම්බන්ධතා දිනපොත

මහජන සම්බන්ධතා දිනපොත

විපක්ෂ නායකවරයාගේ කාර්යභාරය හදෙක් පාර්ලිමේන්තුවට සීමා වන්නක් පමණක් නොවේ. ශ්‍රී ලංකාව පුරා වසන පුරවැසියෝ සිය දුක්ගැනවිලි, ගැටලු සහ ආයාචනා සෘජුවම ඔහුගේ කාර්යාලයට රැගෙන එති. මෙම හමුවීම් යනු රජයේ ප්‍රතිපත්ති හරහා මිනිසුන්ට සේවය සැලසෙන හෝ නොසැලසෙන ආකාරය පිළිබඳ වඩාත් වැදගත් බුද්ධිමය මූලාශ්‍රයක් වේ. මහජන සම්බන්ධතා දිනපොත තුළ විපක්ෂ නායකවරයාගේ සහභාගිත්වයෙන් සංවිධානය කරන ලද මහජන දුක්ගැනවිලි පිළිබඳ සියලුම රැස්වීම් ලේඛනගත කෙරෙන අතර, මතු කරනු ලබන ගැටළු මෙන්ම එතුමාගේ ප්‍රතිචාරද එතුළ වාර්තා කෙරේ. මෙමගින් පුරවැසි සම්බන්ධීකරණයට සහ විපක්ෂ පසු විපරම්කරණයට අදාළ වූ විනිවිද පෙනෙන, කරුණු විමසා සොයා ගත හැකි වාර්තාවක් නිර්මාණය කෙරේ. එය සාමාන්‍ය පුරවැසියන්ගේ ගැටලු හරහා විපක්ෂයේ පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය හැඩ ගැස්වෙන බැව් සහතික කරමින් ආන්තිකකරණයට ලක්වූ පුරවැසියන්ගේ හඬ ඉස්මතු කරලීම උදෙසා වූ කාර්යාලයේ කැපවීම පිළිබඳ සෘජු ප්‍රකාශනයක් වේ. දිනපොත 2026 වසර පුරා අඛණ්ඩව යාවත්කාලීන කරනු ලැබේ.