තිරසර සංවර්ධන ඉලක්ක (SDG) ඒකාබද්ධකරණය

finishedතිරසර සංවර්ධන ඉලක්ක (SDG) ඒකාබද්ධකරණය

තිරසර සංවර්ධන ඉලක්ක (SDG) ඒකාබද්ධකරණය

පාලනය යනු ලෝකයෙන් හුදෙකලා වී පවතින්නක් නොවේ. එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක විසින් යුක්තිය, තිරසරභාවය සහ අන්තර්ග්‍රාහී සංවර්ධනය සඳහා ගෝලීය කැපවීමක් නියෝජනය කරනු ලබන අතර ඒවා ප්‍රවර්ධනය කිරීමේ කාර්යභාරයක් සෑම රාජ්‍ය ආයතනයක්ම සතුවේ. විපක්ෂ නායක කාර්යාලය තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳ දැනුවත්භාවය එහි දෛනික කටයුතු තුළට ඇතුළත් කිරීමේ වගකීම භාර ගෙන ඇත. මෙයින් අදහස් වන්නේ පාර්ලිමේන්තු අධීක්ෂණය, පරිපාලන පිළිවෙත් සහ ප්‍රතිපත්ති විශ්ලේෂණය විෂයයෙහි එහි පවත්නා අදාළත්වය සම්බන්ධයෙන් මෙකී එක් එක් ඉලක්කය පරීක්ෂාකර බැලීමයි. ඔවුන් කරන කටයුතුවලට තිරසර සංවර්ධන ඉලක්ක මූලධර්ම අදාළ වන ආකාරය පිළිබඳව කාර්ය මණ්ඩලය දිශානතිගත කෙරෙමින් පවතී. මෙහි අරමුණ වන්නේ කාර්යාලය රජයේ ප්‍රතිපත්තිය විමර්ශනය කරන විටදී එම කර්තව්‍ය ගෝලීයව දැනුවත් සහ දේශීයව අදාළ කෙරෙන දෘෂ්ටි කෝණයක් හරහා සිදු කරන බව සහතික කිරීමයි. එසේ කටයුතු කිරීමෙන්, කාර්යාලය එහි මෙහෙවර ප්‍රකාශනයට අයත් ප්‍රධාන කුළුණු දෙකක් වන තිරසර සංවර්ධනයට බලපාන පාලන අසාර්ථකතා පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමක් ලබා දීමට සහ සමානාත්මතාවය සහ අන්තර්ග්‍රාහිත්වය ප්‍රවර්ධනය කිරීමට එ් සතු හැකියාව ශක්තිමත් කරයි .