සතිපතා පළවන පාර්ලිමේන්තු ප්‍රකාශනය හෙවත් බුලටිනය

ongoingසතිපතා පළවන පාර්ලිමේන්තු ප්‍රකාශනය හෙවත් බුලටිනය

සතිපතා පළවන පාර්ලිමේන්තු ප්‍රකාශනය හෙවත් බුලටිනය

ප්‍රජාතන්ත්‍රවාදී වගවීම රඳා පවත්නේ පුද්ගලයන්ට ප්‍රවේශ විය හැකි සහ භාවිතා කළ හැකි ස්වරූපයකින් තොරතුරු ඔවුන් වෙත ප්‍රවේශ වීම මතය. මාධ්‍යවේදීන්, බුද්ධි මණ්ඩල, සිවිල් සමාජ සංවිධාන සහ පුරවැසියන් ඈ සියල්ලන්ටම අවශ්‍ය වන්නේ මාධ්‍ය නිවේදන හරහා සිදුකරනු ලබන පෙරහන්කරණයෙන් තොර වූ, ක්‍රමානුකූලව ලේඛනගත කර මහජනතාවට ලබාගත හැකි තත්ත්වයට පත් කරන ලද, විපක්ෂය විසින් පාර්ලිමේන්තුවේ සිදුකරනු ලබන කාර්යයට අදාළ පැහැදිලි, කාලෝචිත වාර්තාවකි. විපක්ෂයේ පාර්ලිමේන්තු බුලටිනය සෑම පාර්ලිමේන්තු රැස්වීම් සතියකම අවසානයේ ප්‍රකාශයට පත් කරනු ලැබේ. එතුළ එම රැස්වීම් සතිය තුළ සියලුම විපක්ෂ ක්‍රියාකාරකම් වාර්තා කෙරේ. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ත්‍රිභාෂාවෙන් නිෂ්පාදනය කරනු ලබන එය සියලු පාඨකයන් සඳහා අවශ්‍ය ප්‍රවේශ්‍යතාවය වැඩිදියුණු කිරීම උදෙසා කෘත්‍රිම බුද්ධිය මගින් බලගන්වන ලද ශ්‍රව්‍ය-දෘශ්‍ය මෙවලම් සහාය සහිතව ක්‍රියාත්මක වේ. බුලටිනය මාධ්‍ය සහ අදාළ පාර්ශ්වකරුවන් වෙත බෙදා හරිනු ලැබේ. එය තොරතුරු ප්‍රවේශය සහ විනිවිදභාවය කෙරෙහි කාර්යාලයේ පවත්නා කැපවීම සපුරාලනු ලබන්නක් වන අතර, සිය විපක්ෂ නියෝජිතයින් පාර්ලිමේන්තුවේ ක්‍රියා කරන ආකාරය පිළිබඳ මැදිහත්කරණයන්ගෙන් තොර, සෘජු වාර්තාවක් මහජනතාවට වෙත යොමු කෙරෙන බවට එමගින් සහතික කෙරේ.

2025 විපක්ෂ හඞ - පළමු වෙළුම