
ආබාධිත හා ආන්තික ජනකොටස් සඳහා වූ අන්තර්ග්‍රාහිත්ව ව්‍යාපෘතිය - "Equal Access, Equal Justice"
ශ්‍රී ලංකාවේ සමාජ අසමානතාවයන් යනු රාජ්‍ය පාලන අසාර්ථකත්වයන් වේ. ආබාධ සහිත පුද්ගලයින්, ජාතික හා ආගමික සුළුතර ජනකොටස්, අවදානමට ලක්ව සිටින කාන්තාවන් සහ අනෙකුත් ආන්තිකකරණයට ලක්වූ ජන ප්‍රජාවන් පොදු ජීවිතය තුළ පූර්ණ සහභාගීත්වයෙන් බැහැර කිරීම, ප්‍රතිපත්ති හිඩැස්, ආයතනික උදාසීනත්වය සහ අයිතීන් පදනම් කරගත් නීතිමය රාමු නොමැතිවීම හේතුකොට ඇතිවූ ප්‍රතිඵලයකි. විපක්ෂ නායක කාර්යාලය, ආබාධිත හා ආන්තිකකරණයට ලක්වූ ජනකොටස්වල අයිතිවාසිකම් හා සුභසාධනය පාර්ලිමේන්තු නියෝජනයේ ස්ථාවර හා මූලධාර්මික කොටසක් බවට පත් කිරීමට කැපවී සිටී. සභා ගර්භය තුළ අවකාශ උදාවන සෑම අවස්ථාවකදීම හඬක් නොමැති ජනතාවගේ හඬ ඉස්මතු කරමින් වෙන්කොට සලකන අකාරයේ ප්‍රතිපත්ති අභියෝගයට ලක් කරමින්, ඉෂ්ටනොවූ කැපවීම් සඳහා වගවීම ඉල්ලා සිටිමින් සහ අන්තර්ග්‍රාහී නීති ප්‍රතිසංස්කරණ යෝජනා කරමින් අපගේ කාර්යාලය නිසි පරිදි ක්‍රියාත්මක වේ. අපගේ ම වූ අනන්‍ය පරිපාලනයක් තුළ, ප්‍රවේශ්‍යතාවයක් සහිත හා නියෝජිත සේවා ක්‍රමවේදයන් ගොඩනඟමින් අන්තර්ග්‍රාහිත්වය යනු අතිරේක කරුණක් නොව මූලික අගයක් බව ප්‍රදර්ශනය කරන ව්‍යවස්ථාදායක ක්‍රියාකාරකම් සැලසුම් කරනු ලැබේ. ප්‍රතිචාර දැක්වීම පිණිස සමාජ අර්බුද ඇතිවන තෙක් රැඳී නොසිට, ව්‍යුහාත්මක බැහැර කිරීම් කල්තියාම හඳුනාගෙන, ආන්තිකකරණය ආපසු හැරවිය නොහැකි ඉමක් දක්වා ගමන් කරන තෙක් නොසිට, ධනාත්මක හා අයිතිවාසිකම් තහවුරු කරන ආකාරයේ විසඳුම් ඉදිරිපත් කරන ක්‍රියාකාරී අධීක්ෂණ ආයතනයක් ලෙස කාර්යාලය ඉටු කරන කාර්යභාරය මෙම ව්‍යාපෘතිය මඟින් පිළිබිඹු කෙරේ.
